Pages

Monday, February 17, 2014

උන්ටද පිස්සු අපිටද පිස්සු

                         පිස්සන්ගේ මසුරන් කියමන් -01

                                            ඔන්න මේ කතාවනං ඇත්තටම අපි දන්න හදුනන කෙනෙක්ට උන සත්‍ය සිද්ධියක්.  මේ සිද්දිය වෙලා තියෙන්නේ  විශේෂ්‍ය වෛද්‍යතුමෙකුට එතුමා විශේෂ වන්නේ මානසික රෝග පිලිබදවයි. ඉතිං මෙ වගේ කෙනෙක් වැඩ කරන්නේ මොනවගේ ඉස්පිරිතාලෙකද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ??  හැබැයි ඉස්පිරිතාලේ මෙකද්ද කියලනම් කියන්නේ නෑ මොකද පිස්සෙක්ගේ උනත් ආත්ම ගෞරවය රකින්න ඕනනේ
                                   ඔන්න මේකයි සිද්ධිය, සුපුරුදු පරිදි අපේ වෛද්‍ය තුමා උදේ පාන්දරින්ම සේවයට වාර්ථා කරනවා. මෙයාට බලපත්‍ර යටතේ ගෙන්වපු සුපිරි වාහනයකුත් තියනව කියමුකෝ.ඔන්න මේ විදියට දවසේ රාජකාරි කරන කොට වෛද්‍ය තුමාට ගෙදරින් කෝල් එකක් එනව පුංචි හදිස්සියක් ඉක්මනට ගෙදර එන්න කියලා.අනේ ඉතිං ඩොක්. ඉක්මනටම Half-day දාල එහෙම ගෙදර යන්න පිටත් උනා. කාර් එක ලඟට ගියාමයි දැක්කේ කාර් එකෙ රෝදයක හුළං නෑ කියල. දැන් මොනව කරන්නද... කාටවත් කිය කිය ඉන්න වෙලාවක් නෑ කියල ඩොකාම රෝදේ මාරු කරන්න ගත්තා.ඔන්න ඉතිං වීල් ජැක් එක ගහල නට් 4 ගැලෙව්වා.දැන් රොදේ එලියට අදින කොට උනේ මාරම
වැඩක්.රොදෙන් ගැලෙව්ව නට්4 රොදෙන් එලියට අදින කොට ලිස්සල ගිහිල්ලා ඒ ලඟ තිබ්බ අසූචි කාණුවකට වැටුනා.දැන් ඉතිං ඩොකා දහඅතේ කල්පනා කරනව දැන් කොහොමද මම ගෙදර යන්නේ  කියලා.
ඔන්න ඉතිං ඔහොම ඉන්න කොට එතනට ආපු පිස්සුකේස්එකක් (මානසික රෝගියෙක්) දකිනව වෙලා තියන දේ.මූ ඩොකා ලගට ගිහිල්ල කියනව ඩොක්ට ඔයාට උන දේ මම දැක්කා. දැන් ඉතිං ඔය කාණුවට බැහැලා පීනන්න බෑනේ, කරන්න තියෙන්නේ අනිත් රොද තුනෙන් එක නට්එක ගානෙ ගලවල නට් 3 රෝදෙ හයි කරන්න.ඊට පස්සේ 20ක විතර වේගයෙන් ගිහිල්ල ග්‍රොසරිය ඉස්සරහ ගරාජ් එකෙන් නට් 4 අරගෙන, රෝද 4ට දාගෙන මහත්තයගේ ගමන් යන්න.
                    අහස පොළොව ගැට ලන්න කල්පනා කර කර හිටිය ඩොකාට දැනුනේ නිකං ප්‍රසිද්ධ ස්ථානයක තියල කනේ පාරක් ගැහුව වගේ ආතල් එකක්.මොකද මෙච්චර ඉගෙන ගෙන ඩොකෙක් වෙලත් 
මේ සරල සිද්ධිය මීටර් නොවුන එක ගැන පොරටම ලැජ්ජහිතිල.
හැබැයි ඉතිං මේ සිද්ධිය වැඩිය කව්රුවත් දන්නේ නෑ. මොකද කවදාවත් ඩොකානම් මේ ගැන නෝ කතා නෝ සිනා.චොර වෙන්නේ ඌමනේ 
අනිත් පැත්තෙන් ඉතිං පිස්සුසීන් එක කියන කතා කව්ද ගහන්නේ??
ඒත් ඉතිං මේ උන සීන් එක 'මසුරන් කියමන්' අපිත් එක්ක බෙදාගන්න නම් ඩොකා අදිමදි කලේ නෑ.

2 comments:

  1. maxxa bro
    gd luck
    මම කව් ද?
    බොක්කක් තමා ෴HashHotrebz෴
    https://www.facebook.com/yohan.madusanka.37

    ReplyDelete